විශ්වයේ වේග සීමාව...
- Adisha Sigera
- Apr 7, 2022
- 1 min read

හැමෝම දන්නවා ඇති මේ විශ්වය තුළ යම් දෙයකට ගමන් කරන්න පුළුවන් උපරිම වේගය තමයි ආලෝකයේ වේගය.මේකට හේතුව තමයි ආලෝකය හැදිලා තියෙන්නේ ස්කණ්ධය රහිත අංශුවක් වන ෆෝටෝන් වලින් වීම.ස්කණ්ධය රහිත දෙයකට උපරිම වේගය ගන්න පුලුවන්.මීට අමතරව ග්ලූඕන් කියන අංශුවලටත් ස්කණ්ධයක් නෑ.දැනට ස්කණ්ධයක් නැති අංශුවලට අපි දන්නේ මෙච්චරයි.මේ දෙක ඇරෙන්න මේ විශ්වයේ ස්කණ්ධයක් රහිත දෙයක් නෑ.ආලෝකයේ වේගය තත්පරයට මීටර් 300,000,000 විතර වෙනවා.විශ්වයේ අපි දුර ගණනය කරන්නේ ආලෝක වර්ෂ වලින්.ඒ කියන්නේ ආලෝකය අවුරුද්දකට ගමන් කරන දුරින්.ආලෝකය අවුරුද්දකට කිලෝමීටර් ට්‍රිලියන 9.46 ක් ගමන් කරනවා.
ඇයි අපිට ආලෝකයේ වේගය ඉක්මවන්න බැරි?
ස්කණ්ධයක් සහිත වස්තුවක් වේගය වැඩි කරද්දි ඒ වේගයට සාපේක්ෂව ශක්තියත් ඕන වෙනවා.ආලෝකයේ වේගයට ලං වෙද්දි ඒ සපයන්න ඕන ශක්තිය අනන්තයට යනවා.ඒත් අපිට දැනට තියෙන දහන එන්ජින් භාවිතයෙන් මේ ශක්තියෙන් 25% ක් වත් දෙන්න පුළුවන් කමක් නෑ.ඒ වගේ ශක්තියක් දෙන්න පුළුවන් තාක්ෂනයක් තව අවුරුදු 1000ක් ගියත් හොයාගන්න වෙන එකක් නෑ.මේ හේතුව නිසා විශ්වය තරණය කරනවා කියන්නේ හීනයක් විතරයි.
Comments