කාන්තාවක් Air Tag එකකින් පෙම්වතා ලුහුබැඳ ගොස් ඔහු මරා දැමූ පුවතක් වාර්තා වේ
- Kethaka Kaveeshwara
- Jun 22, 2022
- 1 min read

USA Today පුවත්පතට අනුව, ඉන්දියානා හි වෙසෙන එක්සත් ජනපදයේ කාන්තාවක් Apple AirTag භාවිතා කරමින් තම පෙම්වතා ලුහුබැඳ ගොස් සැක කටයුතු සම්බන්ධයක් මත ඔහුව ඝාතනය කළාය.ඇය තම පෙම්වතා පසුපස යාමට එයාර්ටැග් භාවිතා කළ බවත් සඳහන්කර ඇත. Apple හි AirTags අනපේක්ෂිත ආකාරයෙන් භාවිතා කරන පුද්ගලයින් පිළිබඳව මාස ගණනාවක් පුරා බොහෝ වාර්තා තිබේ. මෙය කෙතරම් ගැටලුවක් වීද යත් Apple විසින් මෙම ගැටළුව මැඩපැවැත්වීමට ක්‍රම හඳුන්වා දී ඇත. Apple සමාගම විසින් Google Play Store හි යෙදුමක් නිකුත් කර ඇති අතර එමඟින් Android පරිශීලකයින්ට තම අවට ඇති අනවශ්‍ය AirTags නිරීක්ෂණය කළ හැකිය.Apple සමාගම iOS update සමඟ anti-tracking පියවර ද එකතු කර ඇත. මේ වන විට එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත වල AirTags වලට විරුද්ධව නීතිමය කටයුතු පවා සිදුවෙමින් පවතිනවා. ඒ අනුව පෙනී යන්නේ, මෙය ජීවිතාරක්ෂකයක් විය හැකි අතර, ඒවා මාරාන්තික විය හැකි බවයි.මෙම ලිපිය කියවන ඔබත් තාක්ෂණය යහපත් දේවල් සඳහා භාවිතා කරනවා ඇති SL TECH අපි බලාපොරොත්තු වෙමු.
Sources : XDA Developers
Image Source : sulalahnandita
Comments